අපේ දැක්ම

දැනුමෙන් දිනන මැනවින් දැමුන පරපුරක්

Thursday, November 12, 2020

Google Class Room එකෙන් පාඩමක් කරන්න බලමුද?

 

  

Google Class Room එකෙන් පාඩමක් කරන්න බලමුද? 

 

Zoonවගේම තවත් ලේසියෙන් මාර්ගගත පාඩමක් කරන්න පුලුවන් යෙදවුමක් තමයි Google Claas Room කියන්නේ. මෙතනදී අපිට පුලුවන් පන්ති ගොඩක් එකතු කරගන්න. ඒ එක එක පන්තිය වෙන වෙනම Rooms වල තියාගන්න. එච්චරක් නෙවෙයි, වෙනත් ගුරුවරුන් ඉගැන්වීම සඳහා අපේ පන්තියට සම්බන්ධ කරගන්න පුලුවන් පහසුකම් අපිට දීලා තියනවා.

    ඉතින් මුලින්ම මේ යෙදවුම අපේ උපාංගයට (Device) ස්ථාපනය (Install) කරගන්න පුලුවන්. ඒක කරන්නේ වෙන යෙදවුම් ස්ථාපනය කරන විදියටම තමයි. මේ සිද්ධියේ තවත් පහසුකමක් වෙන්නේ මේක අපේ වෙබ් අතරික්සුවrowser) හරහා ත් පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි ගොඩක් අය ඇප් වලට දැන් ඇබ්බැහි වෙලා.

    මුලින්ම ප්ලේ ස්ටෝර් එකෙන් මේක බාගෙන ෆෝන් එකට ඔබාගන්න පුලුවන්. වෙන ඇප් දාගන්න විදියටමයි. ගෙවල් වල ඉන්න කොල්ලො කුරුට්ටෝ හොඳට දන්නව ගේම්ස් දාගන්න හැටි. අන්න එයාලගේ උපදෙස් ගන්න පුලුවන්.

                                      
                                                        



 

 

    මේ විදියට මේක දාගත්තට පස්සේ අපිට මේ ඇප් එක පාවිච්චි කරන්න පුලුවන්

    මුලින් ම පටන් ගන්නකොට කොළ පාටට අපි මේ ඇප් එක කුලප්පු කරලා ගන්න එක පෙන්නනවා පහතින් පේන විදියට


     ඉතින් වලිගය වනන්න සුන්ඛයෙක් ඕනෑ වගේ මේකත් ඇක්ටිව් වෙන්නෙ අපේ ඊ මේල් එකෙන්. මේ ඇප් එක කාරයාගෙම එකක් නිසා අපේ එක වෙලා තියන ජී මේල් එක මෙතෙන්ට එනවා. ඉතින් ඒක ම සිලෙක්ට් කරන එක ලෙසියි. ඉතින් එතනදි ඒක තෝරලා ඊලඟ පියවරට යන්න පුලුවන්

    ඊලඟට මෙයා අපිට පෙන්නන Screen එකේදී අපිට අවස්ථාව දෙනවා තියන පන්තියකට join වෙන්න හරි නැත්තම් අපේ පන්තියට මුල්ගල තියන්න.

    එතන තියන + ලකුණ උඩ ඇඟිල්ලෙන් තට්ටුවක් දාපුහම අපිට ඒ අවස්ථාව දෙනවා
    ඊට පස්සේ මෙතන Create Class තේරුවහම අපේ පන්තියේ නම ගම වාසගම පෙළපත හත්මුතුපරම්පරාව අලගිය මුලගිය තැන් එකතු කරන්න ඊලඟට අවස්ථාව තියනවා. ඒවා අහන්නේ අපේ පන්තිය අනිත් පන්ති වලින් වෙන්කරලා තියාගන්න.

    දැන් අපේ එක හැදිලා ඉවරයි. දැන් තියෙන්නේ මේකට ඔලුගෙඩි ටිකක් සම්බන්ධ කරගෙන වැඩේ කරගෙන යන්න.



    එකතුකිරීමේ ලකුණ ටැප් කරපුහම ඒ අවස්ථාව දෙනවා. මේ සළකුණු ගොඩක් අය අඳුරනවා. ඒ නිසා වැඩේ ලේසි. ගුරුවරුන් හා ළමයින් මේ අනුව එකතු කරගන්න පුලුවන්. බය වෙන්න දෙයක් නැහැ. ඇත්ත පන්ති කාමරයක වගේ ළමයි කෑගහන එකක් නැහැ.



    එතනදී අපි සම්බන්ධ කරගන්න ළමයින්ගේ හා ගුරුවරුන්ගේ ඊමේල් එක යොදලා ඔවුන්ට ආරාධනා කරලා සෙට් කරගන්න පුලුවන්. ඊට අමතරව අපිට මේ පාඩම් වලට පින්තූර වීඩියෝ හා ලිපි ආදිය ඇමුණුම් විදියට යොදාගෙන සාර්ථක පාඩමක් කරන්න පුලුවන් වෙයි. මම හිතනවා මේක කියවලා අත්හදා බලලා හොඳ නරක කියයි කියලා.





Monday, November 9, 2020

Zoom මගින් මාර්ගගත(online) අන්තර් ක්‍රියාකාරී(interactive) පාඩමක් සිදු කරන්නේ කොහොමද?

 

Zoom මගින් මාර්ගගත(online) අන්තර් ක්‍රියාකාරී(interactive) පාඩමක් සිදු කරන්නේ කොහොමද?

    මේ කටයුත්ත ඉෂ්ඨ සිද්ධ කරගන්න නම් මුලින්ම අලියෙක් ඕනෑ. ඊලඟට හෙන්ඩුවකුත් ඕනෑ.....ඒ කියන්නේ මේකට කොම්පියුටර් එකක් හරි ෆෝන් එකක් හරි ඕනෑ. මේ උපාංගය මොකක් උනත් ඒකට අන්තර්ජාල සම්බන්ධතාවකුත් ඕනෑ. අද Internet නැති phone එකක් කියන්නේ මුඩ්ඩ නැති පොල්ගෙඩියක් වගේ නේ.හා හා පුරා කියලා ඉස්සරලාම මේක ඒ කියන්නේ Zoom app එක ෆෝන් එකට දාගන්න ඕනෑ. ඒක කරගන්නේ මෙහෙමෙයි. මේ හැකිතාක් සරලව කියන්නේ

    ඉස්සරලාම ෆෝන් එක හොඳට බැටරි එක චාර්ජ් කරලා අතට ගන්න

    ඊටපස්සෙ මේකේ ඩේටා ඕන් කරලා වයි ෆයි තියනවා නම් වයි ෆයි ඔන් කරලා (මේ දෙකෙන් එකක් විතරයි..හරිද ) ෆෝන් එකේ ගූගල් ප්ලේ ස්ටොර් ( Play store) එක ඕපන් කරගන්න



    ඊට පස්සෙ ඒකෙ උඩම තියන search bar එකෙ Zoom කියලා ටයිප් කරන්න. ඊට පස්සෙ මෙහෙම එකක් පෙන්නයි.


 

    අන්න ඒකේ කොලපාටට තියන install buttonඑක ටච් කරන්න. ටික වෙලාවක් යනකොට එක zoom installවෙයි. ඊට පස්සේ appඑක ඕපන් කරගන්න.


 



 

    ඕපන් කරගත්තාට පස්සෙ අපි ඒකේ ලියාපදිංචි (Register) වෙන්න ඕනෑ. මේකට අපේ විද්‍යුත් තැපැල් ලිපිනය (Email Address)ඕනෑ. ඊට පස්සෙ Passwordඑකක් දෙන්න ඕනෑ. මේ Password එක කැපිටල් අකුරු, සිම්පල් අකුරු, විශේෂ සළකුණක් හා අංක කලවම් උන එකක් වෙන්න ඕනෑ. මේ දෙක ඇතුළ් කරලා ලියාපදිංචි උනාට පස්සේ අපිට Email එකක් එවනවා අපිව සත්‍යාපනය (Verify)කරන්න කියලා



 

 

    අපි ගාව තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් එකක් නම් අපි හැමෝටම ඊමේල් එකක් තියනවා නේ. මේක හදලා දෙන්නේ ෆෝන් එක ගත්තු කඩේ එකා හරි එහෙම නැත්තම් වෙන එකෙක් හරි නිසා ගොඩක් අය එහෙම එකක් තියන බව වත් දන්නෙ නැහැ. ඒක බලාගන්නේ මෙහෙමයි.



 

    ජී මේල් ඇප් එක ඕපන් කරලා ඒකෙ සැකසුම් *Settings)වලට ගියාම බලාගන්න පුලුවන්. මේක ඇතුළත් කරල එකේ ලියාපදිංචි වෙන්න.


    ඊට පස්සෙ අපිට ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දාලා ලොග් වෙන්න පුලුවන්


 

    Join a Meetingකියන එකෙන් Ongoing meetingඑකකට Joinවෙන්න පුලුවන්. මෙතනදී අහනවා Meeting IDඑකක්

    මේ ID එක සංවිධානය කරන කෙනා අපිට දෙනවා. ඒක ඇතුල් කරලා ඒ එකට සම්බන්ධ වෙන්න පුලුවන්.
 

    අපිට අලුත් Meeting එකක් New Meeting කියන එකෙන් පටන් ගන්න පුලුවන්. ඒ එකට අපිට අවශ්‍ය පන්තියේ ළමයි ටික කරගත්තහම පාඩමක් කරන්න පුලුවන් Zoomඔස්සේ.

    ඉතින් මේක දැනටත් දන්න අය ඉන්නවා නේ. පාවිච්චි කරනකොට මේකේ තියන පහසුකම් නිකම්ම වගේ අහුවෙයි.


Saturday, November 7, 2020

පාසල ගැන

 


ආරම්භක වර්ෂය - 1933 දී පමණය

පෙර සිට සෑම විදුහල්පතිවරයෙක්ම මෙම පාසල ගොඩනැගීමට දැමු සවිමත් අත්තිවාරම හා දෙමාපියන්ගේද නොමද දායකත්වය මත පාසලෙන් සිසු දරුවන්ගෙත් අභිවෘද්ධිය වෙනුවෙන් කරගෙන යන ආකාරය මෙලෙස සටහන් වන වගයි.

ශිෂ්‍ය සංඛ්‍යාව 12 ගෙන් 1933 දී ආරම්භ වූ මෙම පාසලෙහි මෙහි මුල් ගුරුවරයා වූයේ පී.එම්.පොඩිමැණිකේ මහත්මියයි. තාවකාලික ගොඩනැගිල්ලක ඉදිකරන ලද මෙම පාසල 1938 මැයි මස 01 රජයේ පාසලක් ලෙස ලියාපදිංචි කර ඇත.

1944 වර්ෂයේ සිට බාලාංශ පන්තියේ සිට ජ්‍යේෂ්ඨය දක්වා පන්ති පවත්වා ඇත. උදය වරුවේ ගැහැණු දරුවන් සඳහාත් සවස් වරුවේ පිරිමි දරුවන් සඳහාත් කාල සටහනකට අනුව පන්තිපවත්වා ඇත. 1952 වන විට මෙම පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 274ක් වූ අතර ගුරුවරුන් 8 දෙනෙකු සේවය කොට ඇත. 1954 දී පොල් අතු සෙවිලි කරන ලද ගොඩනැගිල්ලක් මෙම පාසල සඳහා ඉදිව ඇත.

පසුව මෙම පාසල බාලිකා පාසලක් ලෙස ක්‍රියාත්මක වී ඇති අතර කුමරි විදුහල ලෙස නම් කොට තිබූ බව ප්‍රදේශ වාසීන් පවසයි.

පසුව ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව හා ගොඩනැගිලි සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති අතර 1958.03.21 දින එවකට මාවනැල්ල මංත්‍රී ලෙස කටයුතු කළ සී.ආර්.බෙලිගම්මන මහතා විසින් බුදු මැදුර විවෘත කොට ඇත. සිසු පරිහරණයට යෙදවීය.

විදුහල්පතිවරුන්ගේ හා ගුරුභවතුන්ගේ නොමද කැපවීම මත මේ වන විට විවිධ අංශ වලින් දස්කම් පෙන්වා සමස්ථ ලංකා මට්ටමේ ජයග්‍රහණ පවා ලබා ඇති මෙම පාසල ප්‍රදේශයේ ජනප්‍රියතම පාසලක් බවට පත් වී ඇති අතර වර්තමානයේ ගුරුභවතුන් 33 දෙනෙකු හා සිසු සිසුවියන් 550 දෙනෙකුගෙන් සමන්විත 2වර්ගයට අයත් පාසලකි.















අන්තර්ජාලය භාවිතා කර අධ්‍යයන කරයුතු කිරීමේදී බොහෝදෙනෙක් මුහුණ දෙන දුෂ්කරතා මගහරවා ගන්නේ කොහොමද?

       මාර්ගගත ඉගෙනුම් ක්‍රමවේද අපේ රටේ ගොඩක් දෙනෙක් යොමු උනේ කොවිඩ් 19 වසංගත තත්ත්වයත් එක්ක. ඉගෙනුම් කටයුතු සඳහා තාක්ෂණික මෙවලම් භාවිතය අපි...