Zoom මගින් මාර්ගගත(online) අන්තර් ක්‍රියාකාරී(interactive) පාඩමක් සිදු කරන්නේ කොහොමද?
මේ කටයුත්ත ඉෂ්ඨ සිද්ධ කරගන්න නම් මුලින්ම අලියෙක් ඕනෑ. ඊලඟට හෙන්ඩුවකුත් ඕනෑ.....ඒ කියන්නේ මේකට කොම්පියුටර් එකක් හරි ෆෝන් එකක් හරි ඕනෑ. මේ උපාංගය මොකක් උනත් ඒකට අන්තර්ජාල සම්බන්ධතාවකුත් ඕනෑ. අද Internet නැති phone එකක් කියන්නේ මුඩ්ඩ නැති පොල්ගෙඩියක් වගේ නේ.හා හා පුරා කියලා ඉස්සරලාම මේක ඒ කියන්නේ Zoom app එක ෆෝන් එකට දාගන්න ඕනෑ. ඒක කරගන්නේ මෙහෙමෙයි. මේ හැකිතාක් සරලව කියන්නේ
ඉස්සරලාම ෆෝන් එක හොඳට බැටරි එක චාර්ජ් කරලා අතට ගන්න
ඊටපස්සෙ මේකේ ඩේටා ඕන් කරලා වයි ෆයි තියනවා නම් වයි ෆයි ඔන් කරලා (මේ දෙකෙන් එකක් විතරයි..හරිද ) ෆෝන් එකේ ගූගල් ප්ලේ ස්ටොර් ( Play store) එක ඕපන් කරගන්න
ඊට පස්සෙ ඒකෙ උඩම තියන search bar එකෙ Zoom කියලා ටයිප් කරන්න. ඊට පස්සෙ මෙහෙම එකක් පෙන්නයි.
අන්න ඒකේ කොලපාටට තියන install buttonඑක ටච් කරන්න. ටික වෙලාවක් යනකොට එක zoom installවෙයි. ඊට පස්සේ appඑක ඕපන් කරගන්න.
ඕපන් කරගත්තාට පස්සෙ අපි ඒකේ ලියාපදිංචි (Register) වෙන්න ඕනෑ. මේකට අපේ විද්‍යුත් තැපැල් ලිපිනය (Email Address)ඕනෑ. ඊට පස්සෙ Passwordඑකක් දෙන්න ඕනෑ. මේ Password එක කැපිටල් අකුරු, සිම්පල් අකුරු, විශේෂ සළකුණක් හා අංක කලවම් උන එකක් වෙන්න ඕනෑ. මේ දෙක ඇතුළ් කරලා ලියාපදිංචි උනාට පස්සේ අපිට Email එකක් එවනවා අපිව සත්‍යාපනය (Verify)කරන්න කියලා.
අපි ගාව තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් එකක් නම් අපි හැමෝටම ඊමේල් එකක් තියනවා නේ. මේක හදලා දෙන්නේ ෆෝන් එක ගත්තු කඩේ එකා හරි එහෙම නැත්තම් වෙන එකෙක් හරි නිසා ගොඩක් අය එහෙම එකක් තියන බව වත් දන්නෙ නැහැ. ඒක බලාගන්නේ මෙහෙමයි.
ජී මේල් ඇප් එක ඕපන් කරලා ඒකෙ සැකසුම් *Settings)වලට ගියාම බලාගන්න පුලුවන්. මේක ඇතුළත් කරල එකේ ලියාපදිංචි වෙන්න.
ඊට පස්සෙ අපිට ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දාලා ලොග් වෙන්න පුලුවන්.
Join a Meetingකියන එකෙන් Ongoing meetingඑකකට Joinවෙන්න පුලුවන්. මෙතනදී අහනවා Meeting IDඑකක්
මේ
ID එක
සංවිධානය කරන කෙනා අපිට දෙනවා.
ඒක ඇතුල්
කරලා ඒ එකට සම්බන්ධ වෙන්න
පුලුවන්.
අපිට අලුත් Meeting එකක් New Meeting කියන එකෙන් පටන් ගන්න පුලුවන්. ඒ එකට අපිට අවශ්‍ය පන්තියේ ළමයි ටික කරගත්තහම පාඩමක් කරන්න පුලුවන් Zoomඔස්සේ.
ඉතින් මේක දැනටත් දන්න අය ඉන්නවා නේ. පාවිච්චි කරනකොට මේකේ තියන පහසුකම් නිකම්ම වගේ අහුවෙයි.
No comments:
Post a Comment