අපේ දැක්ම

දැනුමෙන් දිනන මැනවින් දැමුන පරපුරක්

Thursday, November 12, 2020

Google Class Room එකෙන් පාඩමක් කරන්න බලමුද?

 

  

Google Class Room එකෙන් පාඩමක් කරන්න බලමුද? 

 

Zoonවගේම තවත් ලේසියෙන් මාර්ගගත පාඩමක් කරන්න පුලුවන් යෙදවුමක් තමයි Google Claas Room කියන්නේ. මෙතනදී අපිට පුලුවන් පන්ති ගොඩක් එකතු කරගන්න. ඒ එක එක පන්තිය වෙන වෙනම Rooms වල තියාගන්න. එච්චරක් නෙවෙයි, වෙනත් ගුරුවරුන් ඉගැන්වීම සඳහා අපේ පන්තියට සම්බන්ධ කරගන්න පුලුවන් පහසුකම් අපිට දීලා තියනවා.

    ඉතින් මුලින්ම මේ යෙදවුම අපේ උපාංගයට (Device) ස්ථාපනය (Install) කරගන්න පුලුවන්. ඒක කරන්නේ වෙන යෙදවුම් ස්ථාපනය කරන විදියටම තමයි. මේ සිද්ධියේ තවත් පහසුකමක් වෙන්නේ මේක අපේ වෙබ් අතරික්සුවrowser) හරහා ත් පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි ගොඩක් අය ඇප් වලට දැන් ඇබ්බැහි වෙලා.

    මුලින්ම ප්ලේ ස්ටෝර් එකෙන් මේක බාගෙන ෆෝන් එකට ඔබාගන්න පුලුවන්. වෙන ඇප් දාගන්න විදියටමයි. ගෙවල් වල ඉන්න කොල්ලො කුරුට්ටෝ හොඳට දන්නව ගේම්ස් දාගන්න හැටි. අන්න එයාලගේ උපදෙස් ගන්න පුලුවන්.

                                      
                                                        



 

 

    මේ විදියට මේක දාගත්තට පස්සේ අපිට මේ ඇප් එක පාවිච්චි කරන්න පුලුවන්

    මුලින් ම පටන් ගන්නකොට කොළ පාටට අපි මේ ඇප් එක කුලප්පු කරලා ගන්න එක පෙන්නනවා පහතින් පේන විදියට


     ඉතින් වලිගය වනන්න සුන්ඛයෙක් ඕනෑ වගේ මේකත් ඇක්ටිව් වෙන්නෙ අපේ ඊ මේල් එකෙන්. මේ ඇප් එක කාරයාගෙම එකක් නිසා අපේ එක වෙලා තියන ජී මේල් එක මෙතෙන්ට එනවා. ඉතින් ඒක ම සිලෙක්ට් කරන එක ලෙසියි. ඉතින් එතනදි ඒක තෝරලා ඊලඟ පියවරට යන්න පුලුවන්

    ඊලඟට මෙයා අපිට පෙන්නන Screen එකේදී අපිට අවස්ථාව දෙනවා තියන පන්තියකට join වෙන්න හරි නැත්තම් අපේ පන්තියට මුල්ගල තියන්න.

    එතන තියන + ලකුණ උඩ ඇඟිල්ලෙන් තට්ටුවක් දාපුහම අපිට ඒ අවස්ථාව දෙනවා
    ඊට පස්සේ මෙතන Create Class තේරුවහම අපේ පන්තියේ නම ගම වාසගම පෙළපත හත්මුතුපරම්පරාව අලගිය මුලගිය තැන් එකතු කරන්න ඊලඟට අවස්ථාව තියනවා. ඒවා අහන්නේ අපේ පන්තිය අනිත් පන්ති වලින් වෙන්කරලා තියාගන්න.

    දැන් අපේ එක හැදිලා ඉවරයි. දැන් තියෙන්නේ මේකට ඔලුගෙඩි ටිකක් සම්බන්ධ කරගෙන වැඩේ කරගෙන යන්න.



    එකතුකිරීමේ ලකුණ ටැප් කරපුහම ඒ අවස්ථාව දෙනවා. මේ සළකුණු ගොඩක් අය අඳුරනවා. ඒ නිසා වැඩේ ලේසි. ගුරුවරුන් හා ළමයින් මේ අනුව එකතු කරගන්න පුලුවන්. බය වෙන්න දෙයක් නැහැ. ඇත්ත පන්ති කාමරයක වගේ ළමයි කෑගහන එකක් නැහැ.



    එතනදී අපි සම්බන්ධ කරගන්න ළමයින්ගේ හා ගුරුවරුන්ගේ ඊමේල් එක යොදලා ඔවුන්ට ආරාධනා කරලා සෙට් කරගන්න පුලුවන්. ඊට අමතරව අපිට මේ පාඩම් වලට පින්තූර වීඩියෝ හා ලිපි ආදිය ඇමුණුම් විදියට යොදාගෙන සාර්ථක පාඩමක් කරන්න පුලුවන් වෙයි. මම හිතනවා මේක කියවලා අත්හදා බලලා හොඳ නරක කියයි කියලා.





No comments:

Post a Comment

අන්තර්ජාලය භාවිතා කර අධ්‍යයන කරයුතු කිරීමේදී බොහෝදෙනෙක් මුහුණ දෙන දුෂ්කරතා මගහරවා ගන්නේ කොහොමද?

       මාර්ගගත ඉගෙනුම් ක්‍රමවේද අපේ රටේ ගොඩක් දෙනෙක් යොමු උනේ කොවිඩ් 19 වසංගත තත්ත්වයත් එක්ක. ඉගෙනුම් කටයුතු සඳහා තාක්ෂණික මෙවලම් භාවිතය අපි...